Trending Newsඑසැන පුවත්දේශීය

කහ සහ ඉඟුරු වගා සඳහා රක්ෂණයක්

වාණිජමය වශයෙන් හා අපනයනය කිරීමේ අරමුණින් වගා කරනු ලබන කහ සහ ඉඟුරු වගාවන් සඳහා විශේෂ රක්ෂණ යෝජනා ක්‍රමයක් ආරම්භ කර ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

එහි සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා පැවසුවේ ගොවියා තමන් විසින් සිදුකරනු ලබන “ඉඟුරු” වගාව සඳහා අක්කරයකට රුපියල් 200,000 ක් දක්වා රක්ෂණාවරණයක්  ලබාගැනීමට හැකියාව ඇති බවය.

ඒ සඳහා 7%ක් වැනි රක්ෂණ වාරිකයක් ගෙවීමෙන් ස්වාභාවික විපත්, රෝග, කෘමි හානි සහ  වන අලි හානි සඳහා රක්ෂණවරණය ලබාගැනීමට හැකියාව ඇති  බව සඳහන් වේ.

එමෙන්ම “කහ ” වගාවන් සුරක්ෂිත කර ගැනීම සඳහා අක්කරයකට උපරිමය රුපියල් ලක්ෂ 7 ක් දක්වා රක්ෂණවරණයක් ලබා ගැනීමට හැකියාව පවතී.

Related posts

Death penalty is not the answer – Patali Champika

Mohamed Dilsad

භානුක නැවතත් පිටියට

Mohamed Dilsad

මාස 6 කින් විදුලිය මිලදී ගැනීම දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment