පොලිස්පති විසින් හඳුන්වා දුන් නව වට්ස්ඇප් අංකයට මේ වන විට පැමිණිලි 2,000කට වැඩි සංඛ්‍යාවක් ලැබී තිබෙන බව වාර්තා වෙයි.
ජනතාවට මුහුණ පෑමට සිදුවන අපරාධ හා විවිධ ගැටලූ දැනුම් ක්ෂණිකව දැනුම් දීම සඳහා එය හඳුන්වා දී තිබේ.
ඒ අනුව එම පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන කටයුතුද ආරම්භ කර තිබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාෂය පවසයි.
පොලිස්පතිවරයා විසින් හඳුන්වා දුන් 0718598888 යන වට්ස්ඇප් අංකය වෙත සෘජුවම කෙටි පණිවුඩ, වීඩියෝ දර්ශන සහ ඡායාරූප යොමුකර ක්ෂණික පැමිණිලි යොමුකළ හැකිය.
