Trending Newsඑසැන පුවත්දේශීය

තැපැල් සේවකයෝ වර්ජනයක…!

තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ විසින් හෙට (17) පස්වරු 4.00 සිට සේවයෙන් ඉවත්වී වර්ජන ක්‍රියාවලියක් ආරම්භ කිරීමට සැළසුම් කර ඇතැයි වාර්තා වේ. .

තැපැල් සේවක අතිකාල ගෙවීම්, පාලන කාර්යාල හා ගිණුම් කාර්යාල සේවකයින්, ඇගිලි සළකුණු යන්ත්‍රයේ පැමිණිමේ හා පිටවීම සටහන් කළ යුතු බවට ලබා දී ඇති උපදෙස්වලට විරෝධය පළ කිරීම ඇතුළු ප්‍රධාන ඉල්ලීම් 19ක් ඉදිරිපත් කරමින් ඔවුන් මෙම වර්ජන ක්‍රියාවලිය ආරම්භ කිරීමට කටයුතු කර ඇත.

ඒ අනුව හෙට (17) පස්වරු 4.00ට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවෙන් මෙම වර්ජය ආරම්භ කිරීමට නියමිතව ඇති අතර මධ්‍යම රාත්‍රී 12.00 සිට දිවයින පුරා පිහිටි තැපැල් හා පාලන කාර්යාලවල අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ ප්‍රකාශ කරයි.

මේ අතර මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා තැපැල් කාර්යාලයට අයත් උප තැපැල් කාර්යාල 3,354ක උප තැපැල් ස්ථානාධිපතිවරු  සහභාගී නොවන බව  තැපැල්පති රුවන් සත්කුමාර සඳහන් කරයි.

තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ විසින් ආරම්භ කරන වෘත්තිය ක්‍රියාමාර්ග හේතුවෙන් තැපැල් භාණ්ඩ බෙදා හැරීමේ කටයුතු ප්‍රමාදයට ලක්විය හැකි බව තැපැල්පතිවරයා නිකුත් කළ නිවේදනයක සඳහන්.

Related posts

තවත් පොලිස් කොස්තාපල්වරයෙක් මහමඟ දී මියයයි

Mohamed Dilsad

கைதிகளை சித்திரவதைக்கு உட்படுத்த கூடாது – பூஜித்

Mohamed Dilsad

உதய கம்மன்பில வௌிநாடு செல்ல கொழும்பு மேல் நீதிமன்றம் அனுமதி

Mohamed Dilsad

Leave a Comment