Trending Newsඑසැන පුවත්දේශීය

නීතිය හා සාමය මෙන්ම මහජන ආරක්ෂාව තහවුරු කිරීමට රජයට වැඩපිළිවෙලක් නැහැ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ශ්‍රී ලංකාව තුළ දුර්වල, අකාර්යක්ෂම හා අදක්ෂ ආණ්ඩුවක් පවතින බවත්, දිනපතාම රට පුරා වෙඩි තැබීම් හා මිනිස් ඝාතන සිදුවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය..

නීතිය හා සාමය මෙන්ම මහජන ආරක්ෂාව තහවුරු කිරීමට රජයට කිසිදු වැඩපිළිවෙලක් නොමැති බව හෙතෙම අවධාරණය කළේය.

ඔහු මේ බව සඳහන් කර සිටියේ, හම්බන්තොට දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ සංසදය සමඟ පැවති හමුවකදී අදහස් දක්වමිනි.

මැර කල්ලි, පාතාල කල්ලි, කුඩු කල්ලි සහ සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජයේ බලය ගෙන ඇති බවද , රජය උත්සාහ කරන්නේ මුළු සමාජයම අපරාධකරුවන්ගේ සහ දේශපාලනික වශයෙන් තමන්ගේ පාලනයට නතු කර ගැනීමට බවද ඔහු චෝදනා කළේය.

“ජනතාව වෙනුවෙන් හඬ නගන්න ඉතිරි වෙලා ඉන්නේ අපි විතරයි,” යැයි ද ප්‍රේමදාස මහතා පැවසීය.

විශ්‍රාමිකයන්ගේ, උපාධිධාරීන්ගේ, කම්කරුවන්ගේ, ගොවීන්ගේ සහ ධීවරයන්ගේ සෑම ගැටලුවක්ම වෙනුවෙන් ඉදිරියෙන් සිට කටයුතු කරන්නේ සමගි ජන බලවේගය බවද ඔහු කියා සිටියේය.

රට පුරා සිවිල් ආරක්ෂක කමිටු සහ ප්‍රජා පොලිස් කමිටු දේශපාලනීකරණය වී ඇති බවටද විපක්ෂ නායකවරයා චෝදනා කළේය. යෞවන සමාජ වැඩසටහන්වලට ද එම තත්ත්වයම අත්වී ඇති බවත්, ඔවුන්ගේ ඊළඟ උත්සාහය ගොවි සමිති, ධීවර සමිති, කාන්තා සමිති ඇතුළු සියලුම ප්‍රජා සංවිධානවල බලය අත්පත් කර ගැනීම බවත් ඔහු සඳහන් කළේය.

“අවසානයේ මොවුන් මරණාධාර සමිතියේ බලයත්, දායක සභාවේ බලයත් බලහත්කාරයෙන් ලබා ගෙන පන්සලේ ඉන්න ඕනි හාමුදුරුවෝ කවුද කියලා තීරණය කරන්න පුළුවන් තත්ත්වයට පත්වෙයි,” යැයි ඔහු අනතුරු ඇඟවීය.

මේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයේ ඒකාධිපතිත්වය රජකරවන්නට ඉඩ දිය නොහැකි බවද ඔහු පැවසීය.

සංචාරක ක්ෂේත්‍රයේ රියදුරන්ට අභියෝග
රජය ගන්නා “අමනෝඥ තීන්දු” තීරණ පිළිබඳවද විපක්ෂ නායකවරයා අදහස් දැක්වීය. සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනය ගැන සතුටු වන බව කීවද, සංචාරකයන්ට ගුවන්තොටුපොළේ සිටම රියදුරු බලපත්‍ර ලබා දීම නිසා දේශීය රියදුරන්ට විශාල බලපෑමක් වන බව ඔහු පෙන්වා දුන්නේය.

“මේ නිසා පිටරැටියන් අප රටට පැමිණ සංචාරක ඒජන්සි ආරම්භ කරන්න පුළුවන්,” යැයි ද ඔහු සඳහන් කළේය.

Related posts

தொழிற்பயிற்சி அதிகார சபையினால் இலவச சாரதி பயிற்சி

Mohamed Dilsad

சுட்டெரிக்கும் வெயில் காரணமாக 15 பேர் உயிரிழப்பு

Mohamed Dilsad

கொலைச் சந்தேகநபர் ஒருவர் கைது

Mohamed Dilsad

Leave a Comment