Trending Newsඑසැන පුවත්දේශීය

මුලතිව් හර්තාලයට දේශපාලන පක්ෂ කිහිපයක සහාය

මුලතිව් ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශ වෙත එල්ල වන චෝදනා හේතුවෙන් එළැඹෙන සඳුදා (18) උතුරු සහ නැගෙනහිර පළාත්වල ඉලංකෙයි තමිල් අරසු පක්ෂය සංවිධානය කළ හර්තාලයට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ද සහයෝගය පළ .කරන බව ප්‍රකාශ කර තිබේ.

මුලතිව්හි 32 හැවිරිදි එදිර්මනසිංහම් කබිල්රාජ් ඝාතනය දැඩි ලෙස හෙළා දකින බව, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මේ වන විට ලංකා කම්කරු කොංග්‍රසය ද මෙම හර්තාලය සඳහා සහාය පළකර තිබිණ.

මීට දින කිහිපයකට පෙර, කබිල්රාජ් සහ තවත් සිව් දෙනෙකු අසල හමුදා කඳවුරකට කැඳවා පහර දුන් බවට වාර්තා විය.

ඉන් දින දෙකකට පසු ඔහුගේ සිරුර මුත්තයියන්කට්ටු වැවෙන් සොයාගෙන තිබුණි.

Related posts

Taylor Swift sings praises for Madonna

Mohamed Dilsad

Navies from China, India, US, UK, Japan, Maldives to meet in Colombo

Mohamed Dilsad

இரண்டொரு தினங்களில் ஜனாதிபதி தீர்மானம் ஒன்றை எடுப்பார்

Mohamed Dilsad

Leave a Comment