Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා සතු වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.6

ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා බවට පුමුඛ පෙළේ සමාගාම් කිහිපයක සභාපතිවරයකු වන ව්‍යාපාරික ඉෂාර නානායක්කාර පත්ව තිබේ. ඩොලර් බිලියන 1.6 ක වත්කමකට ඔහු සතුව ඇත.

ඉෂාර නානායක්කාර ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව ඇති බව ගල්ෆ් නිව්ස් වෙබ් අඩවිය අනාවරණ කරයි.

එම වෙබ් අඩවිය පෙන්වාදෙන්නේ, ගෝලීය ක්ෂුද්‍ර මූල්‍ය සහ රක්ෂණ අංශවල ශ්‍රී ලංකාවේ පැවැත්ම පුළුල් කිරීමේදී ඉෂාර නානායක්කාර ප්‍රධාන කාර්යභාරයක් ඉටුකර ඇති බවයි.

ගල්ෆ් නිව්ස් වාර්තාවට අනුව, තවදුරටත් ඉන්දියාවේ සහ දකුණු ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස පෙරමුණේ රැදී සිටින්නේ, රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් හි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ මුකේෂ් අම්බානිය. ඔහු සතු වත්කම , ඩොලර් බිලියන 118 ක ඇස්තමේන්තු කර ඇත.

ඔහුගේ වත්කම දකුණු ආසියාවේ සෙසු රටවල ධනවත්ම පුද්ගලයන් සමග සංසන්දනය කරමින් ගල්ෆ් නිව්ස් වාර්තාකර තිබේ.

ඒ අනුව ඩොලර් බිලියන 13.5 ක වත්කමකට හිමිකම් කියන පාකිස්ථාන ජාතික ෂාහිඩ් ඛාන්, ඩොලර් බිලියන 12 ක වත්කම් සහිත බංග්ලාදේශයේ මොසා බින් ෂම්ෂර්, ඩොලර් බිලියන 1.6 ක වත්කමකට හිමිකම් කියන නේපාලයේ බිනෝද් චෞද්රි සහ ශ්‍රී ලංකාවේ ඉෂාර නානායක්කාර දකුණු ආසියාවේ ධනවතුන් අතර පෙරමුණේ රැදීසිටී.

Related posts

Protest demonstration in entry road to Colombo on Kandy

Mohamed Dilsad

නාවික හමුදා සෙබළුන් පිරිසක් පුර්ණ සුවය ලබයි

Mohamed Dilsad

කටුනායකට පැමිණි ගුවන් යානා 06ක් ආපසු හරවා යවයි ; ගුවන් යානා බලාපොරොත්තුවෙන් සිටින මගීන්ට දැනුම්දීීමක්

Editor O

Leave a Comment