Trending Newsඑසැන පුවත්දේශීය

අමාත්‍ය සමන්ත විද්‍යාරත්නට වැඩවරදී..!

අමාත්‍ය සමන්ත විද්‍යාරත්නගෙන් සහ ස්වාධීන රූපවාහිනී සේවයෙන් රුපියල් මිලියන 100 ක් බැගින් වන්දි අය කර දෙන, නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබේ.

.නඩුවේ වගඋත්තරකරුවන් ලෙස අමාත්‍ය සමන්ත විද්‍යාරත්න නැමැත්තා සහ, ස්වාධීන රූපවාහිනී සේවය හා එහි සභාපති ප්‍රියන්ත වෙදමුල්ල නැමැත්තා නම්කර ඇත.

පැමිණිලිකරු කියා සිටින්නේ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න නැමත්තාා, මොනරාගල ප්‍රදේශයේ පිහිටි ඉඩමකට අදාළව තමන් සම්බන්ධයෙන්, මෑතකදී සිදු කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් ඒ තුළින් තමන්ට දැඩි අපහාසයක් සිදුව ඇති බවයි.

ඒ වෙනුවෙන් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න ගෙන් සහ ස්වාධීන රූපවාහිනි සේවයෙන් සහ එහි සභාපතිවරයාගෙන් රුපියල් මිලියන 100 බැගින් වන්දි අය කර දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මේ නඩුව පවරා තිබේ.

Related posts

සූර්ය පැනල සහිත පෙට්ටියක් ඇඟට වැටී පුද්ගලයෙක් මරුට

Mohamed Dilsad

Wind to strengthen over Sri Lanka and surrounding sea areas

Mohamed Dilsad

Highway bus fares to be reduced from tomorrow

Mohamed Dilsad

Leave a Comment