Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමා මන්ත්‍රීලගේ වැටුප පක්ෂ අරමුදල ට බැරවීම පිළිබඳ අධිකරණයට යනවා – නීතීඥ ශිරාල් ලක්තිලක

ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ සම්පූර්ණ මාසික වැටුප් වන රුපියල් ලක්ෂ හාරසිය හැත්තෑ හතක මුදල ඔවුන්ගේ පක්ෂ ගිණුම වෙත බැරවීම සම්බන්ධයෙන් ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව නීතිඥ ශිරාල් ලක්තිලක මහතා කියයි

 ඒ මහතා මේ බව කියා සිටියේ පෙරේදා (03) ගාල්ලේ පැවැති ‘දිනන දකුණ’ සංවාදශීලී ජන හමුවේදීය.

මෙලෙස මන්ත්‍රිවරුන් එකසිය පනස් නවදෙනකුට අදාළ මාසික වැටුප පැලවත්ත කාර්යාලයේ ගීණුමකට බැරවන බවත් එය වාර්ෂිකව රුපියල් ලක්ෂ පන්දහස් හත්සිය විසිහතරක් වන බවත් ඔහු පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥවරයා මෙසේ පැවැසීය.

‘‘මේක මහජනතාවට වගකියන මන්ත්‍රිවරු පිරිසක් ඉන්න ආණ්ඩුවක් කියල එයාලා ජනතාවට බෙරු කියලා බලයට ඇවිත්, මහජනතාවගේ බදු මුදල්වලින් ලබා ගන්නා මන්ත්‍රි වැටුප් පක්ෂයක ගිණුමට බැර කරන එක වැරැදියි. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ විතරක් නොවෙයි ලංකාවේ සෑම ප්‍රාදේශීය සභාවකම මන්ත්‍රිවරුන්ගේ වැටුප් මේ පක්ෂයේ ගිණුමට බැර වෙනවාලු. අපි මේ ගණන් බලලා තියෙන්නේ පාර්ලි‌මේන්තු මන්ත්‍රිවරුන්ගේ වැටුප විතරයි. මන්ත්‍රිවරයෙක් ලක්ෂ තුනක විතර වැටුපක් ගන්නවා. මේකට ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන්ගේ ගණනත් එකතු වෙනකොට මේක තවත් වැඩි වෙනවා. ඒක ඔයාලට බලා ගන්න පුළුවන්. අපි ඒකට විරුද්ධව අධිකරණයට යෑමට සූදානම්. ජනතාවගේ බදු මුදල්වලින් මාසික වැටුප් ලබලා ඒ වැටුප් පක්ෂ අරමුදල්වලට යනකොට ආදායම් බදු ලැබෙන්නේ නැහැ.

ආර්ථික යුක්තිය උදෙසා සාමූහිකයේ විධායක සභික දර්ශන තන්ත්‍රිගේ, ආචාර්ය ඉන්දි අකුරුගොඩ, වරුණ රාජපක්ෂ, සුදර්ශන ගුණවර්ධන සහ දීප්ති කුමාර ගුණරත්න ද මෙහිදී අදහස් දැක්වූහ.

Related posts

Trump: Court defeat on asylum policy ‘unfair to US’

Mohamed Dilsad

ගතවූ පැය විසි හතර තුළ රිය අනතුරුවලින් 12 දෙනෙක් මරුට

Mohamed Dilsad

Scott Morrison sworn in as Prime Minister [UPDATE]

Mohamed Dilsad

Leave a Comment