දේශීය

ගතවූ පැය විසි හතර තුළ රිය අනතුරුවලින් 12 දෙනෙක් මරුට

(UTV | කොළඹ) – ගතවූ පැය 24 ක කාලය තුළ දිවයින පුරා සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයන් 12 දෙනෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

එම අනතුරුවලින් 40 දෙනෙකු තුවාල ලබා ඇති බවද ඔහු ප්‍රකාශ කරයි.

මීට අමතරව , බීමත් රියදුරන් 200 දෙනෙකුද එම කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති අතර, පසුගිය 20 වැනිදා සිට මේ දක්වා කාලය තුළ රිය අනතුරු වලින් මියගිය පුද්ගලයන් ගණන 65 ක්.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ මෑත කාලයේ සිදුවූ රිය අනතුරුවලින් දිනකදී මියගිය වැඩිම පුද්ගලයන් ගණන ඊයේ දිනයේදී වාර්තා වූ බවයි.

 

 

Related posts

ඉන්දීය සාගරයේ බලවතුන් අතර ගැටුම්වලට ශ්‍රී ලංකාව මැදිහත් නොවිය යුතුයි

Mohamed Dilsad

බස්නාහිර පළාතේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී 75 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

අවුරුදු සමයේ දී කොවිඩ් තෙවන රැල්ලක් ඇතිවීමේ අවධානමක්

Mohamed Dilsad

Leave a Comment