දේශීය

නිරෝධායන රීති උල්ලංඝණය කළ 1900 කට වැඩි පිරිසකට නඩු

(UTV | කොළඹ) – නිරෝධායන රීතින් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස අතරින් 1900 කට වැඩි පිරිසකට මේ වනවිට අධිකරණය හමුවේ නඩු පවරා ඇති බව පොලිසිය සඳහන් කරයි.

එමෙන්ම ගෙවුණු පැය 24 දී ද පුද්ගලයින් 23 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

ඒ අනුව පසුගිය ඔක්තෝබර් මස 30 වනදා සිට මේ දක්වා නිරෝධායන රීතින් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මුළු සංඛ්‍යාව 2044 ක්.

 

Related posts

වාද්දුවේ සාදයක් වටලා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් 12ක් අත්අඩංගුවට

Mohamed Dilsad

වෛද්‍ය වර්ජනය අඛණ්ඩව

Mohamed Dilsad

ආංශික අධීක්ෂණ කාරක සභා 17ක් පිහිටුවයි

Mohamed Dilsad

Leave a Comment