දේශීය

වැලිකන්ද සහ රඹෑව සභාපතිවරුන් ධූරයෙන් තාවකාලිකව ඉවතට

(UTV | වැලිකන්ද) – වැලිකන්ද සහ රඹෑව ප්‍රාදේශීය සභාවල සභාපතිවරුන් දෙදෙනාගේ ධුර වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවා තිබේ.

උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා විසින් නිකුත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනයක දැක්වෙන්නේ එල්ලවී ඇති චෝදනා විමර්ශණය කරන තෙක් එම අත්හිටුවීම බලාත්මක වන බවයි.

ඒ අනුව වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත කවිඳු අබේසූරිය මහතාගේ කාර්යයන් ඉටු කිරීමට සහ එහි බලතල ක්‍රියාත්මක කිරීමට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පළාත් පාලන සහකාර කොමසාරිස් ජුනයිඩ් මොහොමඩ් පත්කර ඇත.

රඹෑව ප්‍රාදේශීය සභාවේ එම කාර්යයන් ඉටු කිරීමට සහ බලතල ක්‍රියාත්මක කිරීමට රඹෑව ප්‍රාදේශීය සභාවේ උප සභාපති සාලිබුගේ තයිබු මහතාට නියෝග කරන බව උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා නිකුත් කළ ගැසට් නිවේදනයේ දැක්වෙයි.

වැලිකන්ද සහ රඹෑව ප්‍රාදේශීය සභාවල සභාපතිවරුන් දෙදෙනා විසින් වරදක් සිදුකර ඇත් ද යන්න මාස 3 ක කාලයක් ඇතුලත පරීක්ෂා කර වාර්තා කිරීම සඳහා විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු සමන් වික්‍රම වික්‍රමාරච්චි මහතා ද පත්කරන බව මෙම ගැසට් නිවේදනයේ දැක්වෙයි.

 

Related posts

තැපැල් වර්ජනයේ අලුත්ම තත්ත්වය

Editor O

ගල් අඟුරු නැව් 38ක් අවශ්‍යයි | ආවේ 03යි | ඒ තුනම බාලයි |

Editor O

නාමල්ගේ විදෙස් ගමන් තහනම ඉවතට

Mohamed Dilsad

Leave a Comment