ව්‍යාපාරික

රුපියල ස්ථාවර මට්ටමකට පැමිණ ඇති බව මහ බැංකුව පවසයි

(UTV | කොළඹ) – ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල මේ වනවිට යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

පසුගිය සතියේදී ඩොලරයේ විකුණුම් අගය රුපියල් 194 සීමාව ද ඉක්මවා ගොස් තිබුණි.

කෙසේවෙතත් ඊයේ දිනයේදී ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 189 යි ශත 80 ක් ලෙස දැක්වුණු අතර ගැණුම් මිළ සටහන්වූයේ රුපියල් 184 යි ශත 98 ක් ලෙසයි.

ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවලට අනුව පසුගිය වසරේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල 2.6 % කින් අවප්‍රමාණය වී ඇත.

 

 

 

Related posts

ඩොලරයට සාපේක්ෂව රුපියල දරුණුතම කඩා වැටීමට ලක්වෙයි

Mohamed Dilsad

ග්‍රීන් කැබින් කොල්ලුපිටියේ ශාඛාව සමු ගනී

Mohamed Dilsad

මිලියන 45,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අද

Mohamed Dilsad

Leave a Comment