Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ව්‍යාපාරික

චීනයෙන්, ඇමෙරිකාවට සීයයට 34% ක අමතර තීරු බද්දක්

ඇමෙරිකානු භාණ්ඩ සඳහා 34%ක අමතර තීරු බද්දක් පැනවීමට චීනය තීරණය කර තිබේ. අප්‍රේල් 10 වන දා සිට මෙම නව බදු ක්‍රියාත්මක වනු ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු පැනවීමට එරෙහිව චීනය ප්‍රතිචාර දක්වමින් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව ය.

චීන නිෂ්පාදන සඳහා එක්සත් ජනපදය පැන වූ තීරුබදු ‘ජාත්‍යන්තර වෙළඳ නීතිවලට අනුකූල නොවන’ බව චීනයේ මුදල් අමාත්‍යාංශය පවසයි. එමෙන් ම, මෙම බදු පැනවීමට එරෙහිව චීනය ලෝක වෙළඳ සංවිධානයට (WTO) පැමිණිල්ලක් ගොනු කර ඇති බව චීන වාණිජ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කර තිබේ.

එම ප්‍රකාශකයා තවදුරට ත් ප්‍රකාශ කර ඇත්තේ, ඇමෙරිකානු තීරු බදු ලෝක වෙළඳ සංවිධානයේ නීතිරීති කඩ කර ඇති බව ත් අනෙකුත් රටවල අයිතිවාසිකම්වලට ද හානි කර ඇති බව ත් ය. තව ද, ට්‍රම්ප්ගේ මෙම තීරු බදු ගෝලීය වෙළඳ පද්ධතියට සහ ආර්ථිකයට හානි කර ඇති බව චීන වාණිජ අමාත්‍යාංශයේ ප්‍රකාශකයා සඳහන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇමෙරිකානු ජනාධිපති විසින් චීනය සඳහා 34%ක තීරු බද්දක් පනවනු ලැබිණි. මෙම තීරු බදු පැනවීම හේතුවෙන් යුරෝපීය කොටස් වෙළෙඳපොළ පහත වැටී ඇති අතර ලන්ඩන්, බර්ලින් සහ පැරිසියේ ප්‍රධාන වෙළෙඳපොළවල් 3%කට වඩා කොටස් පහත වැටී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

Related posts

சபாநாயகர் விசேட அறிக்கை

Mohamed Dilsad

සැප්තැම්බර් මුල සිට, සෑම සඳුදා දිනකම කෞතුකාගාර වසා තබයි

Editor O

ICC இன் விஷேட காரியாலயம் இலங்கையில்

Mohamed Dilsad

Leave a Comment