Trending Newsඑසැන පුවත්දේශීය

අගමැති කාර්යාලයේ වාහන වෙන්දේසිය ගැන ලංසුකරුවෙකුගෙන් ‌චෝදනාවක්

රජයේ වාහන අළෙවියකදී සිදුවූ බව කියන විෂමතා සම්බන්ධයෙන් වෛද්‍යවරයෙකු විසින් ජනාධිපතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. 2025 ජූලි 18 වන දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවති රජයේ වාහන අළෙවියකදී සිදුවූ අසාධාරණයක් සම්බන්ධයෙන් රාජගිරියේ පදිංචි වෛද්‍ය ගාමිණී රණසිංහ මහතා විසින් ජනාධිපතිවරයා දැනුවත් කර ඇත.

වෛද්‍ය රණසිංහ මහතා සඳහන් කරන්නේ, ඔහු විසින් CAB 3452 දරණ 2014 වසරේ නිෂ්පාදිත ෆෝර්ඩ් එවරස්ට් වර්ගයේ වාහනයක් සඳහා රුපියල් මිලියන 9 ක ලංසුවක් ඉදිරිපත් කළ බවයි. මෙම ලංසුව තීරණය කිරීමේදී, ඔහු 2025 මැයි 15 වන දින අළෙවි වූ, එම වර්ගයේම සහ එම වසරේම නිෂ්පාදිත, CAB 3453 දරණ ෆෝර්ඩ් එවරස්ට් රථයේ තක්සේරුකරු විසින් නිර්ණය කරන ලද රුපියල් මිලියන 2.5 ක අවම ලංසුව පදනම් කරගෙන ඇත. CAB 3453 රථය එදින රුපියල් මිලියන 5.39 කට අළෙවි වී තිබේ.

කෙසේ වෙතත්, වෛද්‍ය රණසිංහ මහතා ලංසු තැබූ CAB 3452 ෆෝර්ඩ් එවරස්ට් රථය ඔහුට ප්‍රදානය නොකිරීමට ටෙන්ඩර් කමිටුව තීරණය කර ඇති අතර, ඊට හේතුව ලෙස දක්වා ඇත්තේ එහි රජයේ තක්සේරු වටිනාකම රුපියල් මිලියන 9 කට මදක් වැඩි වීමයි.

වෛද්‍ය රණසිංහ මහතා සිය පැමිණිල්ලේදී ප්‍රබල සැකයක් මතු කරයි. ඔහු පෙන්වා දෙන්නේ, 2025 මැයි 15 වන දින අලෙවි වූ CAB 3453 රථයේ තක්සේරු වටිනාකම රුපියල් මිලියන 2.5 ක් වන විට, මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළ, එම වසරේම නිෂ්පාදිත, එම වර්ගයේම CAB 3452 රථයේ තක්සේරු වටිනාකම රුපියල් මිලියන 9 ඉක්මවූයේ කෙසේද යන්නයි. මෙම වටිනාකම් දෙක අතර රුපියල් මිලියන 6.5 ක විශාල විෂමතාවක් ඇති බව ඔහු අවධාරණය කරයි.

“මා හට CAB 3452 දරණ රථය තවදුරටත් අවශ්‍ය නොවේ. නමුත්, ඔබගේ ආණ්ඩුව යටතේ මෙවැනි දේ සිදු වීම මාගේ බලවත් අප්‍රසාදය පළ කර සිටිමි,” වෛද්‍ය රණසිංහ මහතා ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ සඳහන් වේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් සිදුකරන ලෙසට වෛද්‍ය රණසිංහ මහතා ඉල්ලා සිටින අතර, මෙම චෝදනාවන් රජයේ වාහන අළෙවි ක්‍රියාවලියේ විනිවිදභාවය පිළිබඳව ප්‍රශ්න මතු කරයි.

වෛද්‍යවරයා ජනාධිපතිට යැවූ ලිපිය පහතින්

Related posts

நாட்டின் பல பிரதேசங்களில் பலத்த மழை…

Mohamed Dilsad

மண்சரிவின் காரணமாக பல குடும்பங்கள் பாதிப்பு

Mohamed Dilsad

கொழும்பில் 21 மணிநேர நீர்வெட்டு

Mohamed Dilsad

Leave a Comment