Trending Newsඑසැන පුවත්දේශීය

වෛද්‍ය චමල් සංජීව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයි.

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පාලන කාලයේදී බාල ඖෂධ හතළිහකට අධික ප්‍රමාණයක් රාජ්‍ය ඖෂධ සංස්ථාව හරහා නිසි ලියාපදිංචියෙන් තොරව ගෙන්වන ලදැයි වෛද්‍ය චමල් සංජීව මහතා සිදු කරන ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

රුපියල් බිලියන 40 කට අධික වටිනාමක යුත් මෙම ඖෂධ සම්බන්ධව පුළුල් විමර්ශනයක් කොට රජයට අයිති අලාභයක් හෝ යම් පාර්ශවයකට අයුතු ලාබයක් හෝ අත්වී ඇත්නම් වගකිව යුතු පාර්ශවවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය විසින් මෙම පැමිණිල්ල කර තිබූණි.

මේ අනුව මෙම පැමිණිල්ල විභාග කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කොට ඇති අතර ඒ සඳහා විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් පත්කර ඇත.

විමර්ශන ආරම්භ කිරීම සඳහා පැමිණිල්ලේ පළමු සාක්ෂි සටහන් කර ගැනීම සඳහා එම වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

Related posts

Sri Lanka Navy vessels arrive home after successful visit in India

Mohamed Dilsad

காணாமலாக்கப்பட்ட மாணவர்கள் குறித்து விசாரணை ஆணைக்குழு

Mohamed Dilsad

අඹතලේ මාර්ගය තාවකාලිකව වසා දමයි

Mohamed Dilsad

Leave a Comment