Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

බංගලාදේශ ගුවන් අනතුරෙන් 27ක් ජීවිතක්ෂයට

බංග්ලාදේශ ගුවන් හමුදාවට අයත් පුහුණු ගුවන් යානයක් අගනුවර පාසල් පරිශ්‍රයක් වෙත කඩා වැටී ඊයේ (21) සිදුවූ අනතුරින් මේ වන විට පුද්ගලයින් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදේස් මාධ්‍ය වාර්තාවල දැක්වේය.

අනතුරෙන් ළමුන් ඇතුළුව තවත් පුද්ගලයින් 88 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. බංගලාදේශයේ කුර්මිටෝලා ගුවන් කඳවුරෙන් සාමාන්‍ය පුහුණු මෙහෙයුමක් සඳහා ගුවන් ගත වී ඇති  F-7 BGI නම් පුහුණු ගුවන් යානය ඩකා හී පාසල් පරිශ්‍රයක් වෙත කඩා වැටීමෙන් පසු ගිනි ගැනීමට ලක්විය.

ගුවන් අනතුර සම්බන්ධයෙන් එරට හමුදාව පවසා ඇත්තේ යානයේ යාන්ත්‍රික දෝශයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවය. එමෙන්ම යාන්ත්‍රික දෝශයක් ඇති වූ වහාම නියමුවා විසින් එම ගුවන් යානය අඩු ජනාකීර්ණ ප්‍රදේශයකට රැගෙන යාමට උත්සාහ කර ඇති බවද හමුදා බලධාරීන් පවසා තිබේ.

කෙසේ නමුත් අනතුර සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මේ වන විට විමර්ශන කමිටුවක් පිහිටුවීමටද එරට හමුදාව පියවර ගෙන ඇත. අනතුරින් තුවාල ලබා ඇති බොහෝ පිරිස් එම පාසලේ සිසුන් වන අතර එම සංඛ්‍යාව 50කට අධික බවත් පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර සිටින බහුතරයක් සිසුන් අවුරුදු 09-14ත් වියේ පසුවන අය බවත් වාර්තා වේ.

මිය ගිය පිරිස අතර පාසලේ සිසුන් ඇතුළුව එම යානයේ ගුවන් නියමුවාද ඇතුළත් වන බව බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කර ඇත. මේ අතර සිදුවූ අනතුර සම්බන්ධව බංග්ලාදේශ රජය විසින් ජාතික ශෝක දිනයක්ද ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබේ.

Related posts

ඇඳිරි නීතිය ඉවත් කරන ‍ප්‍රදේශවලවලට යුධ හමුදාපතිගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

ඇඳිරි නීතිය කඩ කළ 37,355 ක් පොලිස් භාරයට

Mohamed Dilsad

South African HC calls on Mahinda Rajapakse

Mohamed Dilsad

Leave a Comment