Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

දිවයින පුරා ඇති ආර්ථික මධ්‍යස්ථාන 18න් 14ක් පෞද්ගලික සමාගමකට දෙන්න ආණ්ඩුවේ සූදානමක් ….?

දිවයින පුරා ඇති ආර්ථික මධ්‍යස්ථාන 18න් 14ක් පෞද්ගලික සමාගමකට පැවරීමේ තීරණය වහාම ඉවත් කර නොගතහොත් රටපුරා විරෝධතා මාලාවක් ආරම්භ කරන බව සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළෙඳ සමිතිය ප්‍රකාශ කරයි.

දඹුල්ලේදී පැවති විශේෂ සාකච්ඡාවකදී, තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති සුනිල් සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේ, මෙම තීරණය වහාම හකුළා නොගතහොත් රටපුරා ඇති සියලුම ආර්ථික මධ්‍යස්ථාන වසා දමා දැවැන්ත විරෝධතා දියත් කරන බවයි.

එමෙන්ම, අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටත්, ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමටත් එහිදී තීරණය වී ඇත.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පසුගිය මැයි 7 වන දින කැබිනට් මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කර ඇත්තේ, විශේෂ ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණය කිරීම සඳහා වගකීමෙන් සීමිත සමාගමක් ස්ථාපිත කිරීමටය.

මෙම කැබිනට් සංදේශය සම්බන්ධයෙන් නිරීක්ෂණ ලබා දෙන ලෙස කැබිනට් මණ්ඩලය මුදල් අමාත්‍යාංශයට දැනටමත් යොමු කර තිබේ.

කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව, නිසි ලෙස ලියාපදිංචි වී නොමැති පෞද්ගලික සමාගමකට මෙවැනි වැදගත් ආර්ථික මධ්‍යස්ථාන පැවරීමට අමාත්‍යවරයා උත්සාහ කිරීම සම්බන්ධයෙන් ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳුන් දැඩි විරෝධය පළ කරති.

ඔවුන් අවධාරණය කරන්නේ, මෙම තීරණය වෙනස් නොකළහොත් පසුගිය ආණ්ඩුවලට අත්වූ ඉරණම වත්මන් ආණ්ඩුවට ද අත්වනු ඇති බවයි.

Related posts

ராஜித சேனாரத்ன மருத்துவமனையில் அனுமதி

Mohamed Dilsad

එළඹෙන නත්තල් සමයේ රට වසන්නේ නැහැ

Mohamed Dilsad

Sri Lanka shown significant improvement in 2018 Global Peace Index

Mohamed Dilsad

Leave a Comment