දේශීය

විශ්වවිද්‍යාල සිසුන්ට හා කථිකාචාර්යවරුන්ටත් කොරෝනා එන්නත

(UTV | කොළඹ) –  විශ්වවිද්‍යාල සිසුන්ට හා කථිකාචාර්යවරුන්ට කොරෝනා එන්නත් ලබාදීම සඳහා ඉල්ලීම් කර ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරයි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති සම්පත් අමරතුංග මහතා පැවසුවේ, මේ වනවිටත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඇතුළු නිලධාරීන්ට අවශ්‍ය ලේඛන යවා ඇති බවය.

ඔවුන් අතරින් මේ වනවිට රෝහල්වලට සම්බන්ධව සිටින වෛද්‍ය සිසුන්ට කොරෝනා එන්නත ලබා දීමේදී ප්‍රමුඛතාවක් ලබා දෙන්නැයි ද සම්පත් අමරතුංග මහතා ඉල්ලා තිබේ.

 

Related posts

කැබිනට් මාධ්‍ය හමුව

Mohamed Dilsad

රිෂාඩ් බදියුදීන්ගේ තීරණාත්මක සහාය ගැන රටට කියන දවස

Editor O

නීති විරෝධීව මෙරට රැදී සිටි විදේශිකයන් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment