Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමාවේ, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට කෙදිරි ගෑවෙයි.

වැලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණගෙන් රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා නීතිඥයෙක් මගින් එන්නතරවාසියක් යවා තිබේ. රූපවාහිනී සාකච්ඡාවකදී සිදුකළ අපහාසාත්මක ප්‍රකාශයකට අදාළව එන්තරවාසිය යවා තිබේ.

ජයවික්‍රම මහතාගේ නීතිඥවරයා විසින් යවා ඇති මෙම ලිපියේ සඳහන් වන්නේ, අසිත නිරෝෂණ විසින්, “රෙහාන්” යනුවෙන් සඳහන් කරමින් සිදුකළ ප්‍රකාශ මහජනතාව විසින් තම සේවාදායකයාට අදාළ වන බවට තේරුම් ගෙන ඇති බවයි.

එම ප්‍රකාශ අසත්‍ය සහ අපහාසාත්මක බවත්, දින 14ක් ඇතුළත රුපියල් මිලියන 500ක වන්දියක් ගෙවන ලෙසත් මෙම නඩු නිමිත්තෙන් ඉල්ලා තිබේ. වන්දි මුදල නොගෙවන්නේ නම්, අසිත නිරෝෂණ මහතාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට රෙහාන් ජයවික්‍රම මහතා කටයුතු කරන බවටද එහි වැඩිදුරටත් අනතුරු අඟවා ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් රෙහාන් ජයවික්‍රම මහතා, අසිත නිරෝෂණ මන්ත්‍රීවරයාගෙන් ඉල්ලා සිටියේ තමන් කළ ප්‍රකාශ අධිකරණයේදී ඔප්පු කරන ලෙසයි.

“ඔබට මගේ දේශපාලනයට පහර දෙන්න පුළුවන්. මගේ වචන විකෘති කරන්න පුළුවන්. නමුත් මත්ද්‍රව්‍ය සහ පාතාලය ගැන අත්තනෝමතික චෝදනා කරමින් මගේ නමට මඩ ගහන්න එපා. මට පවුලක් ඉන්නවා. මට පොඩි දරුවෝ ඉන්නවා. මම කවුද, මම වෙනුවෙන් පෙනී සිටින්නේ කුමක්ද යන්නට සත්‍යවාදීව සිටීමට මම වෙහෙස මහන්සි වී වැඩ කර තිබෙනවා. මට මන්ත්‍රීවරයාගෙන් සමාවක් අවශ්‍ය නැහැ. නමුත් මම මෙය අතහැර දමාවි යැයි ඔහු සිතනවා නම්, ඔහුට වැරදිලා. ඔහු දැන් අධිකරණයේදී තමන් කළ සෑම වචනයක්ම ඔප්පු කිරීමට සිදු වනු ඇත,” යනුවෙන් ඔහු ‘X’ සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබුණි.

Related posts

US Government funds renovation of 2 schools in Eastern Province

Mohamed Dilsad

උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණ සිසුන්ට දැනුම්දීමක්

Mohamed Dilsad

පාසල්වල කාල පරිඡේද ගණන 07ට අඩු කරයි.

Editor O

Leave a Comment