Trending Newsඑසැන පුවත්දේශීය

බොරැල්ලේ විශේෂ රථවාහන සැලැස්මක්

බොරැල්ල ප්‍රදේශය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් හෙට (07) දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිත බව පොලීසිය පවසයි.

පොලීසිය පැවසුවේ කාදිනල් මැල්කම් රංජිත් හිමිපානන්ගේ පූජක දිවියේ 50වන ජුබිලි මහොත්සවය වෙනුවෙන් කොළඹ අගරදගුරු මැදුරේ ප්‍රභූවරුන් ඇතුළු ආරාධිතයින් විශාල ප්‍රමාණයක් සහභාගීත්වයෙන් පැවැත්වෙන විශේෂ උත්වය වෙනුවෙන් මෙලෙස විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවය.

ඒ අනුව ඇතිවිය හැකි රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා හෙට(07) දින සවස 03.00 සිට රාත්‍රී 9.00 දක්වා බොරැල්ල පොලිස් වසමේ වෝඩ් පෙදෙන, කිංසි පාර හන්දියේ සිට නන්දදාස කෝදාගොඩ හන්දිය දක්වා බර වාහන ඇතුල්වීම සීමා කිරීමට පොලීසිය කටයුතු කර තිබේ. 

Related posts

තවත් ආසාදිතයන් පිරිසක් සුවය ලබා පිටව යයි

Mohamed Dilsad

18-Hour water cut in Colombo tomorrow

Mohamed Dilsad

නව ආසාදිතයන් 16න් 9ක් නාවික හමුදා සාමාජිකයන්

Mohamed Dilsad

Leave a Comment