දේශීය

නව ආසාදිතයන් 16න් 9ක් නාවික හමුදා සාමාජිකයන්

(UTV | කෝවිඩ්-19) – ඊයේ (30) දිනයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින්ගෙන් නව දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

එම ආසාදිතයින් වැලිසර නාවික හමුදා කදවුරෙන් සහ වෙනත් ප්‍රදේශවලින් වාර්තා වන බව ඔහු පෙන්වා දෙයි.

එමෙන්ම නිරෝධායන මධ්‍යස්ථානවල සිටි සුදුවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් පස් දෙනෙකු ද ආසාදිතයින් අතර වේ.

අනෙක් ආසාදිතයින් දෙදෙනා ද නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තා වන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සදහන් කළේය.

Related posts

පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස යෝජනාවක් පාර්ලිමේන්තුවට

Editor O

පැය පහක ප්‍රකාශයකින් අනතුරුව රාජිත – චතුර CCD යෙන් යයි [UPDATE]

Mohamed Dilsad

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට නාමයෝජනා කැඳවයි.

Editor O

Leave a Comment