දේශීය

අක්ෂි රෝහලේ ඛාණ්ඩ දෙකක් යටතේ පමණක් සේවා ක්‍රියාත්මකයි

(UTV | කොළඹ) – කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කරන තෙක් ජාතික අක්ෂි රෝහලේ හදිසි අනතුරු සේවා සහ හදිසි අක්ෂි ආබාධ සේවා පමණක් ක්‍රියාත්මක කිරීමට රෝහල් බලධාරීන් තීරණය කර තිබේ.

සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරගනිමින් රෝහලේ බාහිර රෝගී පරිශ්රහය තුළ රඳවා තබා ගත හැකි වන්නේ පුද්ගලයින් සිය දෙනෙකු හට පමණක් බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්ලිව්.එල්.එල්.යු.සි.කුමාරතිලක මහත්මිය සඳහන් කළේය.

එමෙන්ම අක්ෂි සායනවලට සහ ඖෂධ ලබාගැනීමට පැමිණෙන පුද්ගලයින්ගේ පහසුව වෙනුවෙන් දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.

ඒ අනුව 0112 693 911 යන දුරකථන අංකය මඟින් ඒ පිළිබඳ තොරතුරු ලබාගත හැකි අතර 0113 618 678 යන දුරකථන අංකය ඇමතීමෙන් අක්ෂි රෝග සම්බන්ධයෙන් වෛද්‍ය උපදෙස් ලබාගැනීමට හැකි බව ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් පැවසුවේය.

Related posts

පැරෂුට් පුහුණුවීමක් අතරතුර අනතුරකින් ගුවන් හමුදා නිළධාරියෙකු ජීවිතක්ෂයට

Mohamed Dilsad

CEYPETCO ඉන්ධන මිළත් වැඩි වෙන ලකුණු

Mohamed Dilsad

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment