Trending Newsඑසැන පුවත්දේශීය

දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගෙන් දකුණේ විදුහල්පතිවරුන් සහ ගුරුවරුන්ට රතු එළියක්.

දකුණු පළාතේ නීති විරෝධී ලෙස පාසල් ළමුන්ගෙන් මුදල් එකතු කරන විදුහල්පතිවරුන් සහ ගුරුවරුන්ට එරෙහිව දැඩි විනය පියවර ගන්නා බව දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා පවසයි.

දකුණු පළාත් ආණ්ඩුකාරවරයා පැවසුවේ, පාසල් ළමුන් සහ දෙමාපියන් පීඩාවට පත් කරමින් මුදල් එකතු නොකරන ලෙසට පාසල් වෙත දැනුම් දී තිබුනද ඇතැම් විදුහල්පතිවරුන් හා ගුරුවරුන් නීති විරෝධී ලෙස තවදුරටත් මුදල් එකතු කරන බවට වාර්තා වන බවයි .

ඇතැම් විදුහල්පතිවරුන් හිතවත් දෙමාපියන් හරහා එම මුදල් එකතු කරන ආකාරයක්ද වාර්තා වන අතර, එමෙන්ම විවිධ වැඩසටහන් සහ උත්සව සඳහා එකතු කරන මුදල තමන්ට දරාගත නොහැකි බවට ඇතැම් දෙමාපියන් විසින් පැමිණිලි ඉදිරිපත් කර ඇති බවද දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා පැවසීය.

ඒ අනුව දකුණු පළාතේ ඇතැම් පාසල්වල එලෙස මුදල් එකතු කරමින් සිටි අවස්ථාවන් කිහිපයක් නතර කිරීමටයි තරයේ දැනුම් දී ඇත්තේ. එම පාසල් සම්බන්ධයෙන් තවදුරටත් අවධානයෙන් පසුවන බවද දකුණු පළාත් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

சிறுபான்மைக் கட்சிகளின் ஆதரவைப் பெற்றுக்கொள்ள நடவடிக்கை

Mohamed Dilsad

පළාත් පාලන ඡන්ද විමසීම් පනත් කෙටුම්පතේ සංශෝධනවලට එරෙහි පෙත්සම් විභාගයේ තීන්දුව කතානායකට

Editor O

Suspect injured after being shot at by Army dies

Mohamed Dilsad

Leave a Comment