Trending Newsඑසැන පුවත්දේශීය

පැල්වත්ත සීනි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ඉල්ලා අස්වෙයි: ඇමති බලපෑම් කරලා..?

පැල්වත්ත සීනි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නුවන් ධර්මරත්න මහතා එම තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ඒ අනුව, තමන් ලබන 27 වනදා සිට සේවයෙන් ඉල්ලා අස්වන බවයි ඔහු කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාට ලිඛිතව දැනුම් දී ඇත්තේ.

තම පෞද්ගලික ෆේස්බුක් ගිණුමෙහි පළ කළ ප්‍රකාශයක් හේතුවෙන් තනතුරෙන් ඉවත් වන ලෙස අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා කළ දැනුම් දීමකට අනුව තමන් ඉල්ලා අස්වන බව ඔහු සිය ලිපියෙහි සඳහන් කර ඇත.

නුවන් ධර්මරත්න මහතා පැල්වත්ත සීනි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා වශයෙන් පත්වූයේ 2024 වසරේ විජිත හේරත් මහතා කර්මාන්ත අමාත්‍ය ධුරය දැරූ සමයේදී ය.

Related posts

වකුගඩු සැත්කමෙන් පසු මියගිය දරුවා ගැන වෛද්‍යවරයා සාක්ෂි දෙයි

Mohamed Dilsad

அனைத்து நோயாளிகளுக்கும் ஒரே ஊசியை போட்ட தாதி: ஒருவர் பலி – 25 பேர் கவலைக்கிடம்

Mohamed Dilsad

බැංකු නොවන ණය දෙන ආයතන නියාමනය කිරීමට, අලුතින් නීති සැකසීමට අවධානය

Editor O

Leave a Comment