Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු මුදල් ඇමති රවී කරුණානායකට එරෙහි නඩුවක් ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්.

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව 2015 /2016 කාලයේ සිදුවූ බැඳුම්කර වංචාවට අදාළව මහාධිකරණයේ පවරා ඇති නඩුව යළි විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

එම නඩුවට අදාළව එරෙහිව කොළඹ මහාධිකරණයේ ගොණු කොට ඇති අධි චෝදනා පත්‍රය බලරහිත කරමින් අභියාචනාධිකරණය නිකුත් කළ රිට් ආඥාව අහෝසි කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය උක්ත නියෝගය නිකුත් කර ඇත. මහාධිකරණයේ ගොනුකොට ඇති අධි චෝදනා පත්‍රය බලරහිත කරමින් අභියාචනාධිකරණය නිකුත් කළ රිට් ආඥාව අහෝසි කරන්නැයි ඉල්ලමින් නීතිපතිවරයා ගොනු කර තිබූ විශේෂ අභියාචන පෙත්සමක් විභාගයට ගැනීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝග කරන ලදී.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. තුරෙයි රාජා, ජනක් ද සිල්වා සහ මහින්ද සමයවර්ධන මහත්වරුන්ගේ හමුවේ එම විශේෂ අභියාචන පෙත්සම් විභාගය වී තිබුණි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. තූරේරාජා සහ ජනක් ද සිල්වා මහත්වරුන්ගේ එකඟත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා විසින් නඩු තීන්දුව ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකා මහා බැංකුව 2015/2026 වසර වලදී කළ බැඳුම්කර වෙන්දේසියේදී සිදුකරන ලදැයි කියන මුදල් වංචාව සම්බන්ධයෙන් එවකට මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමී මහතා විසින් රහස් පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව අදාළ විමර්ශන ආරම්භ කර කෙරුණි.

විමර්ශනවලින් පසු රවි කරුණානායක මහතාට වරෙන්තු නිකුත් කිරීමට කොටුව මහෙස්ත්‍රාත්වරයා නියෝග කළ අතර එම නියෝගයෙන් අගතියට පත් රවී කරුණානායක මහතා එම වරෙන්තුව බලරහිත කරන රිට්ආ ඥාවන් නිකුත් කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර තිබුණි.

Related posts

சமாதானத்தின் மீதான முஸ்லிம்களின் நம்பிக்கையை பிறர் புரிந்து கொள்ளப் பிரார்த்திப்போம்

Mohamed Dilsad

Australian student arrested in North Korea

Mohamed Dilsad

අමු මිරිස් කිලෝව ඩොලර් 3යි.

Editor O

Leave a Comment