Trending Newsඑසැන පුවත්දේශීය

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල වෛද්‍යපීඨයට දේශීය සිසුන්ට ඇතුළත්වීමේ අවස්ථාව අහිමි කිරීම අසාධාරණයි – පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍යපීඨයට දේශීය සිසුන්ට ඇතුළත් වීමේ අවස්ථාව අහිමි කිරීම නූගත් තීරණයක් බවත් ඊට තමන් තරයේ විරුද්ධ වන බවත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පවසයි.

රාජ්‍ය විශ්වවිද්‍යාල වරම් අහිමි වන සිසුන් 800ක් පමණ වෛද්‍ය අධ්‍යාපනය සඳහා විදෙස්ගත වන බවත් ඒ සමග අතිවිශාල ධනස්කන්ධයක් විදෙස් රටවලට ඇදී යන බවත් ඔහු පෙන්වා දෙයි.

කොතලාවල වෛද්‍ය පීඨය නිසා එලෙස රටෙන් ඉවතට යන ඩොලර් මිලියන 12ක් පමණ රටට ඉතිරි වන බව ද නලීන් බණ්ඩාර ප්‍රකාශ කරයි.

රාගම සහ සයිටම් වෛද්‍ය විද්‍යාලවලට එරෙහිව පාරට බැස ජවිපෙ සිදුකළ විනාශය නිසා කලාපයේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් වීමට අපට තිබූ අවස්ථාව මැලේසියාව, ඉන්දියාව වැනි රටවලට ගිය බවත් දැන් හෝ මේ අමන මරිමෝඩ පැලවත්තේ තීන්දුව ආපසු හරවා එම වරද නිවැරදි කරන ලෙසත් හෙතෙම ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

76 වසරක ශාපය වන්නේ පසුගිය සමයේ පැවති සියලු ආණ්ඩු ගැනීමට උත්සාහ කළ රට ඉදිරියට රැගෙන යන එවැනි තීන්දුවලට විරුද්ධ වූ ජවිපෙ බවත් රටේ ඉදිරි ගමනට යහපතක් වන කිසිම තීන්දුවකට එරෙහි නොවන විපක්ෂයක් ලැබී ඇති අවස්ථාවේ කොතලාවල වෛද්‍යපීඨය පමණක් නොව තව එවැනි වෛද්‍යපීඨ 10ක් විවෘත කර රටේ දියුණුවට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවත් නලීන් බණ්ඩාර අවධාරණය කරයි.

Related posts

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට අදාල නඩුව කල් යයි

Mohamed Dilsad

කුලියාපිටිය, පන්නල, ගිරිඋල්ල, නාරම්මල සහ දුම්මලසුරිය පොලිස් බල ප්‍රදේශ වලට ඇඳිරි නීතිය පැනවේ

Mohamed Dilsad

Keith Noyahr Assault: Former Military Intelligence Director further remanded

Mohamed Dilsad

Leave a Comment