Trending Newsඑසැන පුවත්දේශීය

විදේශ ණය (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත සඳහා කථානායක අත්සන් කරයි.

විදේශ ණය (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (23) සිය සහතිකය සටහන් කළේය. විදේශ ණය (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පතට අදාළව අද පැවති දෙවැනි වර කියවීමේ විවාදයෙන් අනතුරුව, කාරක සභා අවස්ථාවේදී පනත් කෙටුම්පත සලකා බලන ලදී. ඉන්පසු පනත් කෙටුම්පත තෙවනවර කියවීමෙන් පසු ඡන්ද විමසීමකින් තොරව සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදී සම්මත විය.

මෙම පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා 2025.05.08 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2025 අංක 6 දරන විදේශ ණය (ඉවත් කිරීමේ) පනත වශයෙන් බලාත්මක වේ.

Related posts

මෙරට සුවය ලැබූ ආසාදිතයින් ගණන ඉහළට

Mohamed Dilsad

එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් : සාගර පත්ලට වූ හානිය ගවේෂණයට විශේෂ නෞකාවක් මෙරටට..

Mohamed Dilsad

காற்றுடன்,மழையுடனான வானிலை அதிகரிக்கும் சாத்தியம்

Mohamed Dilsad

Leave a Comment