Trending Newsඑසැන පුවත්දේශීය

විදුලිය, ඉන්ධන පාඩු ලබන විට මිල වැඩිකළ යුතුයි.

ලංකා විදුලිබල මණ්ඩලය හා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලබන විට එහි බර බදු ගෙවන්නන් මත පැටවිය යුතු නැති බවත් විදුලිය හා ඉන්ධන භාවිත කරන්නන් ඒ සඳහා සුදුසු පිරිවැයට සරිලන මිලක් ගෙවීම ආර්ථිකයට වඩාත් හොදම දෙය බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.

පිරිවැයට සරිලන මිලකරණයක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය හෝ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලැබුවහොත් එම පාඩු මග හරවා ගැනීම සඳහා බදු ගෙවන්නාගේ මුදලින් සහන ලබාදීමට රජයට සිදුවන බවත් එවිට සහන ලබාදීමට වැයවෙන මුදල් නැවතලබා ගැනීමට ජනතාවට නව බදු පැනවීමට රජයට සිදුවන බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.

පිරිවැය ආවරණය වන මිලකරණයක් ක්‍රිත්මක කිරීමේ මූල ධර්මයට රටක් වශයෙන් ශ්‍රී ලංකාව එකඟ වූයේ පසුගිය වසරේ බවත් වර්තමාන විදුලිය ගාස්තුවෙන් පිරිවැය ආවරණය නොවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කර තිබෙන බවත් ආචාර්යවරයා පැවැසුවේය. පිරිවැයට සරිලන ආකාරයට යම් සංශෝධනයක් කළ යුතු බව දෙපාර්ශවය එකඟතාව පළකර තිබෙන බවත් පිරිවැයට සරිලන මිල තරණයක් ක්‍රියාත්මක කිරීමට රජය කැපවී සිටින බවත් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.

ඒ සඳහා විසඳුමක් ලබාදිය යුත්තේ බලශක්ති අමාත්‍යංශය, ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ ලංකා විදුලි බල මණ්ඩලය එකතුවී බව මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රතිපත්ති පොලී අනුපාතය පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා පැවැති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කළේය.

Related posts

“JO says government ignorant to message behind Nugegoda rally” – Dilum Amunugama

Mohamed Dilsad

இலங்கை, இந்திய பிரதமர்கள் புதுடில்லியில் சந்தித்தனர்

Mohamed Dilsad

சுகாதாரம் தொடர்பான பிரச்சினைகளை அறிவிக்க புதிய தொலைபேசி இலக்கம்

Mohamed Dilsad

Leave a Comment