Trending Newsඑසැන පුවත්දේශීය

ඉන්දියාවේ විරත් කෝලි ටෙස්ට් තරඟවලින් සමුගනී

ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීම තීරණය කර තිබෙන බව ඉන්දීය ක්‍රිකට් මණ්ඩලයට පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කෙසේ වෙතත් එම මාධ්‍ය වාර්තාවන්හි දැක්වෙන්නේ තීරණාත්මක එංගලන්ත සංචාරයක් එළඹෙන බැවින් ඔහුගේ එම තීරණය නැවත සලකා බලන ලෙස ඉහළ නිලධාරින් ඉල්ලා ඇති බවයි.

දින කිහිපයකට පෙර රෝහිත් ෂර්මා ටෙස්ට් දිවියෙන් විශ්‍රාම ගැනීමෙන් පසුවයි කෝලි මෙම තීරණය ගෙන ඇත්තේ. මේ වනවිට 36 හැවිරිදි වියේ පසුවන කෝලි ටෙස්ට් තරඟ 123 කට සහභාගී වී ඇති අතර, 46.85ක සාමාන්‍යයකින් ලකුණු 9,230ක් රැස් කරගෙන සිටිනවා. ලබන මාසයේ එංගලන්තයේ පැවැත්වෙන ටෙස්ට් තරග පහකින් යුත් තරගාවලිය සඳහා කණ්ඩායම තෝරා ගැනීම සඳහා ඉන්දීය තේරීම් කමිටුව දින කිහිපයකින් රැස්වීමට නියමිතව තිබේ.

Related posts

Doping in Russia: Six cross-country skiers have provisional bans upheld

Mohamed Dilsad

Argentina ends missing submarine rescue mission

Mohamed Dilsad

நாட்டில் ஜனநாயக கொள்கைகளை தொடர்ந்தும் பாதுகாக்குமாறு அவுஸ்திரேலியா வலியுறுத்தல்

Mohamed Dilsad

Leave a Comment