Trending News

සේවය හැරගිය නාවික හමුදා සාමාජිකයින්ට පොදු සමා කාලයක්

(UTV | කොළඹ) –  නීත්‍යානුකූල නොවන අයුරින් නාවික හමුදා සේවය හැරගිය නාවික හමුදා පුද්ගලයින් හට නිත්‍යානුකූලව නාවික හමුදාවෙන් ඉවත්වීම සඳහා හෝ නැවත නාවික හමුදාවට එක්ව තම රට ජාතිය වෙනුවෙන් සේවය කිරීමට අවස්ථාවක් උදාකරදීම සඳහා සන්නද්ධ හමුදා සේනාධිනායක, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් සියළුම ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හට සතියක පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර ඇත. 

ඒ අනුව, 2020 පෙබරවාරි මස 05 වන දින සිට සතියක (දින 07) කාලයක් මෙලෙස පොදු සමාකාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.

මෙම පොදු සමාකාලය අදාල වන්නේ 2019 සැප්තැම්බර් 30 වන දිනට පෙර නාවික හමුදා සේවය අතහැර ගිය නාවික පුද්ගලයින් හට පමණි.

මෙහිදී සේවය හැරගිය නාවික හමුදා පුද්ගලයින් සිටී නම් තමන්ට ලඟම නාවික හමුදා කඳවුර වෙත රපොර්තු කර, නිත්‍යානුකූලව නාවික හමුදාවෙන් ඉවත්වීමට හෝ නැවත සේවයට එක්වීමට අවස්ථාව උදා කරදී ඇත.

විවිධ තත්වයන් මත විවිධ අභියෝගයන්ට මුහුණදී රට ජාතිය වෙනුවෙන් සේවයකල නමුත්, නිසි ක්‍රියාපටිපාටීන් අනුගමනය නොකර සේවාවන් අතහැරගිය ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට යලි අවස්ථාවක් ලබාදීමේ අරමුණින් ජනාධිපතිතුමා විසින් මෙම පියවර ගෙන ඇත.

Related posts

[VIDEO] – “The Dark Tower” gets three television spots

Mohamed Dilsad

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට, යූටියුබ්කරුවෙක් නොසන්සුන්තාවක් ඇති කිරීමේ උත්සාහයක

Editor O

Navy springs into rescue flood victims in North [VIDEO]

Mohamed Dilsad

Leave a Comment