Trending Newsඑසැන පුවත්දේශීය

බස් ගාස්තු අඩු කරන්නේ නැහැ – ගැමුණු විජේරත්න

රුපියල් 12කින් ඩීසල් මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදුනොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මෙම අදහස් පළ කළේය.

“බස් ගාස්තු අඩුකිරීමට මේ වෙලාවේ හැකියාවක් නෑ. ජනතාව අවබෝධ කරගත යුතුයි මිල සුත්‍රයේ වසර 20ක් පුරා ඉන්නවා. ඊට පටහැනිව අපි කටයුතු කරලා නෑ. ඒ නිසා අපිට මේ වෙලාවේ දී කවුරුත් බලාපොරොත්තු වෙන්න එපා රු 12ක් අඩු කරා ඒ කියලා ගාස්තු අඩුකරන්න ඕනේ කියලා. එහෙම අඩු කරන්න හැකියාවක් නෑ. අපි ඉන්න ප්‍රතිශතාත්මක ගණනය කිරීම තුළ මොකද අපිට සියයට 4ක ප්‍රතිශතයක් ඇවිත් නෑ. මේ පිළිබඳ අවධානය යොමු කරන්න පුළුවන් ජූලි මාසයේ සිදුවන වාර්ෂික බස් ගාස්තු සංශෝධනයේ දී. මේ මාසයේ බස් ගාස්තු අඩු කරන්න නෛතික හැකියාවක් නෑ.”

බස් ගාස්තුව සඳහා ඉන්ධන මිල පමණක් බලනොපන බවත් සෙසු සියලු වියදම් ඉහළ ගොස් ඇතැයි ද පැවසු ගැමුණු විජේරත්න මහතා, බස් ගාස්තු සංශෝධනයක් සිදුකිරීමට නම් ඩීසල් මිල රු 25 – 30 ක් අතර ප්‍රමාණයකින් අඩු විය යුතු බවත් පැවසීය. මේ අතර, මෙවර මැයි රැළි සඳහා බස් ඉල්ලුම් කර නොමැති බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

පොහොට්ටු අපේක්ෂකයාට ප්‍රජාතන්ත්‍රවාදීව සලක්න – පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික

Editor O

අද සිට ජල ගාස්තු වැඩි කිරීම ක්‍රියාත්මකයි

Mohamed Dilsad

Keheliya Rambukwella to appear before court today

Mohamed Dilsad

Leave a Comment