දේශීය

අද සිට ජල ගාස්තු වැඩි කිරීම ක්‍රියාත්මකයි

(UTV | කොළඹ) – ජල ගාස්තු සියයට 130 කින් ඉහළ දැමීම අද (01) සිට ක්‍රියාත්මක බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය ජල සම්පාදන අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් පසුගිය අගෝස්තු 25 වන දින නිකුත් කරනු ලැබීය.

ඒ අනුව ගෘහස්ථ ජල ගාස්තුව ඒකක බිංදුවත් 05ත් අතර රුපියල් 1‍ක්ව පැවැති ඒකකයක් සඳහා වන ගාස්තුව රුපියල් 2‍ක් දක්වාත් ඉහළ නංවා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.

එමෙන්ම ඒකක බිංදුවත් 25ත් අතර මාසික සේවා ගාස්තුව රුපියල් 300 දක්වා ඉහළ නංවා ඇති බව සඳහන්ය.

ඒකක 75ට වැඩි ජල ගාස්තු සඳහා ඒකකයක් සඳහා රුපියල් 140ක්ව පැවැති පරිහරණ ගාස්තුව රුපියල් 238.00ක් දක්වා ඉහළ නංවා ඇති අතර එම කාණ්ඩ යටතේ රුපියල් 1,600ක්ව පැවැති මාසික සේවා ගාස්තුව රුපියල් 3,500ක් දක්වා ඉහළ නංවා තිබේ.

මීට අමතරව ඕනෑම කාණ්ඩයක මාසික ජල ගාස්තුවට, පරිහරණ ගාස්තු සහ මාසික සේවා ගාස්තුවට අමතරව අනෙකුත් ගාස්තු සහ අදාළ බදු ඇතුළත් වන බව අදාළ ගැසට් නිවේදනයේ දැක්වේ.

Related posts

ජනාධිපති අද රෑ ජාතිය අමතයි.

Editor O

ගසක් කඩාවැටී අයෙක් මරුට – දෙදෙනෙකුට තුවාල

Mohamed Dilsad

අපවත් වී වදාළ අතිපූජ්‍ය නාපානේ පේමසිරි නා හිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද

Mohamed Dilsad

Leave a Comment