Trending Newsඑසැන පුවත්දේශීය

රට පුරා මහ වැසි : ජලාශ රැසක් වාන් දමයි

දිවයින පුරා පැවති අධික වර්ශාපතනය හේතුවෙන් ප්‍රධාන ජලාශ 24ක් මේ වන විට වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

මෙම වාන් දමන ප්‍රධාන ජලාශ අතරින් අම්පාර දිස්ත්‍රික්කයේ ජලාශ 6ක්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජලාශ 6ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 4ක්, බදුල්ල, කුරුණෑගල, මොනරාගල, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ඇති ජලාශවලින් ජලාශ 2 බැගින්ද මුළු ජලාශ 24ක් පවතින බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මෙම ප්‍රධාන ජලාශයන්ට අමතරව මධ්‍යම පරිමාණයේ ජලාශ 16කට අධික ප්‍රමාණයක්ද වාන් දමමින් පවතින බව පැවසූ වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ දෙපාර්තමේන්තුව සතුව පවතින ප්‍රධාන සහ මධ්‍යම ප්‍රමාණයේ ජලාශවල ගබඩා කරගත හැකි මුළු ජල ධාරිතාවෙන් 91%කට වැඩි ප්‍රමාණයක් මේ වන විට ගබඩා කර ගත හැකි වී ඇති බවය.

Related posts

10ம் திகதி அஜித்தின் விஸ்வாசம் படம் ரிலீஸ் இல்லை?

Mohamed Dilsad

வெடிபொருள் தொழிற்சாலை விபத்தில் 79 பேர் படுகாயம்

Mohamed Dilsad

Fury batters Schwarz with second round knockout

Mohamed Dilsad

Leave a Comment