Trending Newsඑසැන පුවත්දේශීය

දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ ගුණ සැමරේ

කම්කරු දින මැයි පෙළපාලියකදී බෝම්බ ප්‍රහාරයකට ලක්ව දිවි පිදු හිටපු ජනාධිපතිවරයෙකු වන රණසිංහ ප්‍රේමදාස මහතාගේ ගුණ සමරුම් වැඩසටහන, කොළඹ අලුත්කඩේ උසාවිය අසළදී අද (01) පැවැත්විණි.

ඒ සඳහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, හේමා ප්‍රේමදාස මහත්මිය ඇතුළු පාර්ලිමෙින්තු මන්ත්‍රීවරු, පාක්ෂිකයන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

එක්සත් ජාතික පක්ෂය විසින් 1993 වසරේ මැයි මස 01 වැනි දින පැවැත්වූ මැයි දින පෙළපාලියකට එවකට ජනාධිපතිව සිටි රණසිංහ ප්‍රේමදාස මහතාද එක්වී සිටි අතර එම පෙළපාලිය කොළඹ ආමර්වීදිය වෙත පැමිණි අවස්ථාවේදී එල්ටීටීඊ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් පුපුරවාගත් බෝම්බයකින් රණසිංහ ප්‍රේමදාස මහතා ඇතුළු 23 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.

මෙරට දෙවැනි විධායක ජනාධිපතිවරයා වූ රණසිංහ ප්‍රේමදාස මහතා එලෙස ඝාතනය වී මේ වන විට වසර 32ක් ගතවන අතර ඒ මහතා සිහි කරමින් අද මෙම සැමරුම් වැඩසටහන පැවැත්වුණි. 

Related posts

Forensic audit into Central Bank Treasury Bond scam to be expedited

Mohamed Dilsad

Saudi in talks with US over troop deployment in Syria

Mohamed Dilsad

මගී ප්‍රවාහන වාහනවලට ලබන වසරේ සිට අලුත් නීතියක්

Editor O

Leave a Comment