Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමා මැයි රැළියට බස් 5500ක් : බස් රථ සඳහා ඇස්තමේන්තුගත ප්‍රවාහන වියදම රුපියල් ලක්ෂ 2400ක්..!

ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැළිය සදහා දිවයින පුරා බස් රථ 5,532ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් පොලීසිය වෙත දැනුම් දී ඇතැයි වාර්තාවේ. ඒ අනුව, එම බස් රථ මගින් 220,000ක් පමණ පිරිසක් ගාලු මුවදොරට පැමිණෙනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ.

ඒ අනුව ජාතික ජන බලවේගය විසින් සිය පාක්ෂිකයන් කොළඹ ට ගෙන්වා ගැනීම සඳහා බස්රථ සඳහා වැය කළ යුතු වියදම රුපියල් කෝටි 24ක් හෙවත් ලක්ෂ 2400ක් පමණ වැය කරනු ඇතැයි දලවශයෙන් ඇස්තමේන්තු කළ හැකිය.

එම පිරිවැය ගණනයේදී ආසන්න වශයෙන් එක් බස්රථයක් කිලෝමීටර් 240ක් පමණ ධාවනය වෙතැයි සලකා බස්රථ 5532ක් වෙනුවෙන් ඩීසල් ලීටර් 331920 ක් වැය වනු ඇත. ඒ සඳහා ඩීසල් ලීටරයක් සඳහා රු. 276 බැගින් ලීටර් 331920 සඳහා රුපියල් නව කෝටි දහසය ලක්ෂ නව දහස් නවසීයක විස්සක මුදලක් වැයවේ. ඒ් අනුව බස්රථ සඳහා පිරිවැය ගණනයේදී ආසන්න වශයෙන් එක් බස්රථයකට රුපියල් 45000ක මුදලක් ගෙවනු ලැබුවහොත් විසි හතර කෝටි අසූනව ලක්ෂ හතලිස් දහසක මුදලක් වැය වනු ඇතැයි අස්තමේන්තු කළ හැක.

Related posts

எமது நாட்டு பொருட்களின் தரம் தொடர்பில் சீனாவின் கருத்து அடிப்படையற்றது

Mohamed Dilsad

ජනපතිගෙන් උපධිදාරීන්ට යළිත් පොරොන්දු

Mohamed Dilsad

Students banned from protesting during school hours

Mohamed Dilsad

Leave a Comment