Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ඇමෙරිකාවෙන්, චීනයට සියයට 104%ක තීරුබද්දක්.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද(09)සිට ක්‍රියාත්මක වන පරිදි චීනයට 104%ක නව බදු පනවා ඇති බව වාර්තා වේ. පසුගියදා ජනාධිපති ට්‍රම්ප් විසින් ලොව පුරා රටවලට තීරුබදු පැනවීමේදී චීනය වෙනුවෙන් පනවන ලද 54%ක තීරුබදු ඉවත් නොකරන්නේ නම් චීනය විසින්ද ඇමෙරිකාවට 50%ක තීරුබදු පනවන බවට එරට රජය ප්‍රකාශයට පත් කර තිබිණි.

මේ සමබන්ධයෙන් චීන වාණිජ අමාත්‍යාංශය ප්‍රකශ කර තිබුණේ, ඇමෙරිකාව, බදු වලට හිස නොනමන බවත්, මෙම බදු එක්සත් ජනපද අවශ්‍යතා සහ ජාත්‍යන්තර සැපයුම් දාමයන්ට හානි කරන බවත්, වෙළඳ යුද්ධයක ජයග්‍රාහකයෙකු නොමැති බවත්, මෙම බදු සමස්ත ගෝලීය ආර්ථික සංවර්ධනයට අනතුරක් වන බවත්ය.

කෙසේ නමුත්, මේ සම්බන්ධයෙන් ඊයේ(08)දිනයේදී ජනාධිපති ට්‍රම්ප් ඕවල් කාර්යාලය තුළ වාර්තාකරුවන්ට ප්‍රකශ කර තිබුණේ, බීජිං එහි පළිගැනීමේ බද්ද ඉවත් නොකළහොත් නැවත 50% ක අමතර තීරුබදුවක් පනවන බවයි.

ඒ අනුව, මේ වන විට චීනයට එරෙහිව පනවන ලද 104%ක නව තිරුබද්ද හේතුවෙන් වෙළඳපොළ දර්ශකයන් ශීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතින අතර කලාපයේ සමස්ත රටවලටම මෙය බලපානු ඇති බවයි වාර්තා වන්නේ

Related posts

කපුටු කාක් කාක් – පාර්ලිමේන්තුවේ රැව්දෙයි

Mohamed Dilsad

Hotline ‘1984’ open to receive complaints about higher bus fares

Mohamed Dilsad

Hashim Amla retires from international cricket

Mohamed Dilsad

Leave a Comment