Trending Newsඑසැන පුවත්දේශීය

රිෂාඩ් බදියුදීන් සහ ඇමරිකා තානාපතිනිය අතර, විශේෂ හමුවක්

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සහ ඇමරිකානු තානාපතිනි ජූලි චැං මහත්මිය අතර හමුවක්, කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේදී අද (26) පැවැත්වින.

මෙරට වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව දෙපාර්ශ්වය අතර සාකච්ඡා කෙරිණ. එමෙන්ම, රාමසාන් මාසයේදී ගාසා තීරයේ ජනතාව මුහුණදුන් යුධ ගැටුම් තත්ත්වය පිළිබඳවද රිෂාඩ් බදියුදීන් මහතා සහ ඇමරිකානු තානාපතිනිය අතර, කරුණු සාකච්ඡා කෙරිණ.

ගාසා තීරයේ පවතින යුධ තත්ත්වය පිළිබඳව මානුෂීය අයුරින් කටයුතු කර, ලෝක සාමය පවත්වා ගැනීමට ජාත්‍යන්තරය සමග සුහදව කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳව දෙපාර්ශ්වය අතර සාකච්ඡා කෙරිණ.

Related posts

2026 වර්ෂයේ නිවාඩු දිනයන්

Editor O

කතානායක ට එරෙහිව, අර්චුනාගෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණිල්ලක්…!

Editor O

ඉන්දියාවේ විරත් කෝලි ටෙස්ට් තරඟවලින් සමුගනී

Editor O

Leave a Comment