Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

සතොස ගැන ආණ්ඩුව ගත් අලුත්ම තීරණය මෙන්න

සමුපකාර තොග වෙළෙඳ සංස්ථා පහක් පරිච්ජින්න කර, 1949 අංක 47 දරණ ස්ථාපිත කරන ලද එම ආයතනය ඈවර කිරීමට එවකට අමාත්‍ය මණ්ඩලය විසින් 2024-09-02 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබුණා.

වෙළෙඳපොළ ක්‍රියාකාරිත්වය ප්‍රවර්ධනය කිරීම මඟින් මහජනතාව වෙත ගුණාත්මක භාණ්ඩ හා සේවා සාධාරණ මිල ගණන් යටතේ අඛණ්ඩව සැපයීම සහතික කිරීමේ අරමුණින් වෙළෙඳ පොළ මෙහෙයුම් තුළ රජයේ කාර්යභාරය ක්‍රියාත්මක කිරීම සඳහා සමුපකාර වෙළෙඳ සංස්ථාවට තීරණයත්මක කාර්යභාරයක් ඉටු කිරීමට හැකියාව පවතින බවයි.

එබැවින්, සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව ඈවර කිරීම සම්බන්ධයෙන් වන පූර්ව අමාත්‍ය මණ්ඩල තීරණය අවලංගු කර ශක්‍යතාවයෙන් යුත් ව්‍යාපාරික සැලැස්මක් මත පදනම්ව එම සංස්ථාවේ ව්‍යාපාරික කටයුතු නැවත ආරම්භ කිරීම පිණිස වෙළෙඳ, වාණිජ, ආහාර ආරක්ෂිතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

Related posts

Two schoolgirls swept away by floodwaters; body recovered

Mohamed Dilsad

போலி கடன் அட்டைகள் பயன்பாடு…

Mohamed Dilsad

අද සිට ලොතරැයි පතක මිල පහළට

Mohamed Dilsad

Leave a Comment