Trending Newsඑසැන පුවත්දේශීය

බ්‍රිතාන්‍යයෙන් සම්බාධක පැනවූ යුද විරුවන් ගැන මහින්ද රාජපක්ෂගෙන් ප්‍රකාශයක්

බ්‍රිතාන්‍ය විසින් හිටපු ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාපතිවරුන්ට එරෙහිව සම්බාධක පැනවීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.

හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ හිටපු හමුදාපති ජගත් ජයසූරිය යන මහත්වරුන්ට බ්‍රිතාන්‍ය රජය සම්බාධක පනවා ඇතත් ඔවුන්ට එරෙහි චෝදනා කිසිම ස්ථානයක ඔප්පු කර නැතැයි මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

එල්ටීටීඊ සංවිධානයට එරෙහිව යුද්ධ කිරීමට තීරණය කළේ ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයා ලෙස තමා බවත් සන්නද්ධ හමුදා එම තීරණය ක්‍රියාත්මක කළා පමණක් බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා තම රාජකාරිය ඉටු කළ සන්නද්ධ හමුදා නිලධාරීන් ඉලක්ක කර ගනිමින් විදේශීය රජයන් සහ සංවිධාන එල්ල කරන පීඩනවලට එරෙහිව වර්තමාන රජය සෘජුවම පෙනී සිටිනු ඇතැයි තමා අපේක්ෂා කරන බවද මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා නිකුත් කර ඇති නිවේදනයක මෙසේද සඳහන් වෙයි.

Related posts

சிலாவத்துறை தபால் நிலைய விஜயம்

Mohamed Dilsad

අද හෙටම දේශපාලන පෙරළියක් ?

Mohamed Dilsad

நாட்டின் அனைத்து பாடசாலைகளுக்கும் அரிய வகை பழத் தோட்டம்

Mohamed Dilsad

Leave a Comment