Trending Newsඑසැන පුවත්දේශීය

ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට එරෙහි නඩුවක් විභාගයට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව අද (26) කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගනු ලැබීය.

‍ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ ස.තො.ස. ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරීවලින් ඉවත්කර, දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් මෙම නඩුව පවරා තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ මෙම නඩු විභාගය පැවැත් වූ අතර, එහිදී පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි සටහන් කරගැනීම සිදුකෙරුණි.  ඉන් අනතුරුව නඩුව වැඩිදුර විභාගය ජූනි මස 23 දක්වා කල්තැබීමට විනිසුරුවරයා නියම කළේය.

වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරීවලින් ඉවත්කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙඳවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනාකර, අල්ලස් පනත යටතේ හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වන මොහොමඩ් සාකීර් යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර තිබේ.

Related posts

වෛද්‍ය සහතික ගන්න ඔන්ලයින් ක්‍රමයට අද සිට දින වෙන් කර ගන්න

Mohamed Dilsad

Heavy traffic in Borella due to heavy rains

Mohamed Dilsad

ගමේ ඡන්දෙ නේ තියලා බලමු, ප්‍රතිඵලය එනකොට බලා ගන්න පුළුවන් – රෝහිත අබේගුණවර්ධන

Mohamed Dilsad

Leave a Comment