Trending Newsඑසැන පුවත්දේශීය

සාමාන්‍ය පෙළ උපකාරක පංති තහනම්.

ලබන 17 වනදා ආරම්භ වන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අයදුම්කරුවන් වෙනුවෙන් උපකාරක පන්ති පැවැත්වීම හෙට (11) වනදා මධ්‍යම රාත්‍රී 12 සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව එම විභාග අපේක්‍ෂකයන් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම, එම පන්ති මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම තහනම් බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

එමෙන්ම සාමාන්‍ය පෙළ විභාගය සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ ඒවා බෙදාහැරීමද තහනම් වනවා.

විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශන ලබා දෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබා දෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම හෝ එවන් දෑ ළඟ තබා ගැනීමද තහනම් බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

අදාළ නීති උල්ලංඝණය කරන පුද්ගලයින් පිළිබඳ ළඟම ඇති පොලිස් ස්ථානය, පොලිස් මූලස්ථානය හෝ විභාග දෙපාර්තමේන්තුව වෙත දැනුම්දිය හැකි වනවා.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන 17 වනදා සිට 26 වනදා දක්වා විභාග මධ්‍යස්ථාන 3,663කදී පැවැත්වීමට නියමිතයි.

Related posts

பாராளுமன்றம் நாளை வரை ஒத்திவைப்பு

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

President requests private institutions to reduce electricity use

Mohamed Dilsad

Leave a Comment