Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

විදුලි ගාස්තු අඩු කිරීමෙන් ආර්ථිකයට බලපෑම්…?

2025 ජනවාරි මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද විදුලි ගාස්තු සංශෝධනයේ දී අපේක්ෂිත ප්‍රමාණයට වඩා පහළට ගැලපීම හේතුවෙන්, මීට පෙර ප්‍රක්ෂේපණය කළ ප්‍රමාණයට වඩා ගැඹුරු අවධමනයක් ඉදිරියේ දී පෙන්නුම් කරනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

කෙසේවෙතත් 2025 මැද භාගයේ සිට උද්ධමනය ධනාත්මක වනු ඇති බවත්, සුදුසු ප්‍රතිපත්ති ගැලපීම් මගින් මධ්‍ය කාලීනව 5% ක ඉලක්කගත මට්ටම කරා ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන බවත් මහ බැංකුව මෙහිදී වැඩිදුරටත් සඳහන් කරයි.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ (CCPI) වාර්ෂික වෙනස මගින් මනිනු ලබන, මතුපිට උද්ධමනය 2024 දෙසැම්බර් මාසයේදී අඛණ්ඩව සිව්වන මාසයටත් ඍණාත්මකව පැවතුනි.

ඉල්ලුම අඩුවීම මධ්‍යයේ ඉන්ධන මිල ගණන් පහළ යාම, විදුලි ගාස්තු සහ ගෘහස්ථ ගාස්තු සඳහා පෙර සිදු කරන ලද පහළට යාමේ සංශෝධන මෙයට ප්‍රධාන වශයෙන් හේතු වූ බවයි, මහ බැංකුව පවසන්නේ.

මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (28) රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සඳහන් කර තිබේ.

Related posts

පොඩි ලැසී යළි රිමාන්ඩ්

Mohamed Dilsad

இரு வேறு பேருந்து சாரதிகளுக்கும் இடையில் ஏற்பட்ட மோதலில்-தனியார் பேருந்து சாரதி பலி

Mohamed Dilsad

කඩුවෙල ආසනයේ සජබ කොට්ඨාස සංවිධායකයින් 15 දෙනෙක් ඉවත් කරයි.

Editor O

Leave a Comment