Trending Newsඑසැන පුවත්දේශීය

කඩුවෙල ආසනයේ සජබ කොට්ඨාස සංවිධායකයින් 15 දෙනෙක් ඉවත් කරයි.

සමගි ජන බලවේගයේ කඩුවෙල ආසන සංවිධායිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් කඩුවෙල ආසනයේ සංවිධායකවරු 15 දෙනකු තනතුරුවලින් ඉවත් කර වෙනත් සංවිධායකවරු පත් කිරීමට පියවර ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගෙන් විමසූ විට ඇය පැවසුවේ පක්ෂ ව්‍යවස්ථාව අනුව තමන්ට පැවරී ඇති බලතල මත මෙම තීරණය ගත් බවයි.

ධුරවලින් ඉවත් කළ සංවිධායකවරු, කොට්ඨාස සංවිධායකවරු පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී තමන්ට සහාය නොදී වෙනත් අපේක්ෂකයකුට සහාය දැක්වීම සහ තරුණ අපේක්ෂකයන්ට අවස්ථාවක් ලබාදීම මෙම තීරණයට හේතු වූ බව ද ඇය කීවාය.

මෙසේ තනතුරුවලින් ඉවත් කළ කොට්ඨාස සංවිධායක ප්‍රේමරංජිත් පෙරේරා මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා ප්‍රකාශ කළේ සංවිධායකවරිය සිදු කළ අත්තනෝමතික ඉවත් කිරීම තමන් පිළිනොගන්නා බවයි.

මේ සම්බන්ධව පක්ෂ නායකවරයා දැනුම්වත් කිරීමට පියවර ගත් බව ද හෙතෙම කීවේය.

Related posts

நிலையான சமாதானத்துடன் கூடிய அபிவிருத்தியே நோக்கம் – ஜனாதிபதி

Mohamed Dilsad

බස්නාහිර විශේෂ මෙහෙයුමකින් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Karannagoda appears before CID

Mohamed Dilsad

Leave a Comment