දේශීය

බස්නාහිර විශේෂ මෙහෙයුමකින් පිරිසක් අත්අඩංගුවට

(UTV | කොළඹ ) – බස්නාහිර පළාත තුල සිදුකළ විශේෂ වැටලීමකින් තවත් සැකකරුවන් 422 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (15) පෙරවරු 06 සිට අද (16) අලුයම 5 දක්වා කාලය තුල වැටලීම සිදු කර ඇත.

වැඩිම සැකකරුවන් පිරිසක් වන 176 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් සන්තකයේ තබා ගැනිමේ චෝදනාවට අදාලවයි.

නීති විරෝධී මත්පැන් සම්බන්ධ චෝදනා යටතේ 115 ක් , ගංජා ලග තබාගත් 84 ක් , ගෝඩා හා අයිස් ලග තබාගත් 21 ක් මෙන්ම වෙනත් වැටලීම් යටතේ සැකකරුවන් 23 ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය නිවේදනය කළේය.

Related posts

අර්ජුණ ගම්පහ එජාප නායකත්වයෙන් ඉවත් වෙයි

Mohamed Dilsad

කොවිඞ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

රෙජිස්ට්‍රාර්වරිය යළිත් රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment