දේශීයප්‍රමුඛ පුවත 1

කොවිඞ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයෙන් ඉල්ලීමක්

(UTV|කොළඹ) – කවර ආකාරයකින් හෝ ශ්‍රී ලංකාවට පැමිණ දැනට නිරෝධායන ක්‍රියාවලියට යොමුනොවී මගහැර සිටින පුද්ගලයන්ගෙන් ඉල්ලා සිටින්නේ වහා නිරෝධායන ක්‍රියාවලියට යොමුවන ලෙසට කොවිඞ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ඉල්ලීමක් කර තිබේ.

මේ අතර නිරෝධායන මධ්‍යස්ථාන 17 ක පුද්ගලයන් 2738 දෙනෙකු නිරෝධායනයට ලක් කර ඇතැයි කොවිඞ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඉන් 30 දෙනෙකු විදේශිකයන් වන අතර ඊයේ (20) දිනයේදී ඉන්දියාවේ චෙන්නායි නගරයේ සිට පැමිණි ලාංකික වන්දනාකරුවන් 97 දෙනෙකුද මේ වනවිට නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමුකර තිබේ.

Related posts

රට වැහීමෙන් මේ ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ

Mohamed Dilsad

මේජර් ජනරාල් සංජීව මුණසිංහ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ධූරයට

Mohamed Dilsad

අභ්‍යාසලාභී කාන්තා නිලධාරිනියන්ගේ ප්‍රසුත නිවාඩු කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment