Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

වරායේ බහාලුම් නිශ්කාශනය ප්‍රමාදවීමේ ගැටළුවට ජනාධිපති මැදිහත්වෙයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක, නියෝජ්‍ය අමාත්‍ය හා වරාය ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් අද (12) පවත්වා තිබේ.

එහිදී වරාය බහාලුම් තදබදය හේතුවෙන් මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ. බහාලුම් ප්‍රවාහන රථ 800 – 1000ක් අතර ප්‍රමාණයක් නිදහස් කරගත නොහැකිව මේවන විට වරාය තුළ රඳවා ඇති බව බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පසුගිය 09 වැනිදා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

වරාය අධිකාරිය සහ රේගු දෙපාර්තමේතුවේ කලමනාකාරීත්වයේ පවත්නා දුර්වලතා හේතුවෙන් මෙලෙස ආනයනික බහාලුම් රථ නිෂ්කාශනය ප්‍රමාදවීමට හේතු වී ඇති බවයි, එහි සභාපති සනත් මංජුල මහතා සඳහන් කළේය.

Related posts

Justin Timberlake says sorry to Jessica Biel for ‘lapse in judgement’

Mohamed Dilsad

ஆல்ஃபாபெட்டின் தலைமை செயல் அதிகாரியாக சுந்தர் பிச்சை நியமிக்கப்பட்டுள்ளார் [VIDEO]

Mohamed Dilsad

ගෑස් ටැංකියේ යළි අවුලක්. පක්ෂයේ ලේකම්වරිය අත්තනෝමතිකව, රවී කරුණානායකගේ නම මැතිවරණ කොමිෂමට යවලා.

Editor O

Leave a Comment