Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

වරායේ බහාලුම් නිශ්කාශනය ප්‍රමාදවීමේ ගැටළුවට ජනාධිපති මැදිහත්වෙයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක, නියෝජ්‍ය අමාත්‍ය හා වරාය ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් අද (12) පවත්වා තිබේ.

එහිදී වරාය බහාලුම් තදබදය හේතුවෙන් මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ. බහාලුම් ප්‍රවාහන රථ 800 – 1000ක් අතර ප්‍රමාණයක් නිදහස් කරගත නොහැකිව මේවන විට වරාය තුළ රඳවා ඇති බව බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පසුගිය 09 වැනිදා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

වරාය අධිකාරිය සහ රේගු දෙපාර්තමේතුවේ කලමනාකාරීත්වයේ පවත්නා දුර්වලතා හේතුවෙන් මෙලෙස ආනයනික බහාලුම් රථ නිෂ්කාශනය ප්‍රමාදවීමට හේතු වී ඇති බවයි, එහි සභාපති සනත් මංජුල මහතා සඳහන් කළේය.

Related posts

ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක තනතුරු නම් කෙරේ

Mohamed Dilsad

සයිනොපෙක් නවතම ඉන්ධන මිල ගණන් නිවේදනය කරයි

Mohamed Dilsad

පළාත් පාලන මැතිවරණය තවදුරටත් කල්යාමේ අවදානමක්

Mohamed Dilsad

Leave a Comment