දේශීය

සයිනොපෙක් නවතම ඉන්ධන මිල ගණන් නිවේදනය කරයි

මෙරට තුළ නව මෙහෙයුම් කටයුතු ආරම්භ කළ සයිනොපෙක් සමාගම සිය ඉන්ධන මිල ගණන් ප්‍රසිද්ධ කර තිබේ.

 

ඒ අනුව,

 

ඔක්ටෙන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 358කි.

ඔක්ටෙන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 414කි.

ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 338කි.

සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 356කි.

භූමිතෙල් ලීටරයක මිල රුපියල් 231කි.

 

මේ අතර, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිය ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබිණි.

 

කෙසේ වෙතත් සයිනොපෙක් සමාගම ඉකුත් 30 වනදා සිය මෙහෙයුම් ආරම්භ කරමින් පෙන්වා දී තිබුණේ, සිපෙට්කෝ සහ IOC පිරවුම්හල්වල මිලට වඩා රුපියල් 03ක් අඩුවෙන් සයිනොපෙක් ඉන්ධන අලෙවිසල් හරහා ඉන්ධන මිල දී ගත හැකි බවයි.

 

සයිනොපෙක් සමාගමේ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ ඉන්ධන මිල ගණන් පහත වගුවේ දැක්වේ.

 

සයිනොපෙක් ඉන්ධන මිල ගණන් සිපෙට්කෝ සහ IOC

පෙට්‍රල් 92 – Rs.358 Rs. 361

පෙට්‍රල් 95 – Rs.414 Rs. 417

ඔටෝ ඩීසල් – Rs.338 Rs. 341

සුපර් ඩීසල් – Rs.356 Rs. 359

භූමිතෙල් – Rs.231 Rs. 231

 

Related posts

පොහොර සහනාධාර වංචා කළ රජයේ නිලධාරිනියක් අත්අඩංගුවට – නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න

Editor O

හෙලිකොප්ටර් මඟින් විෂබීජ හරණයක් සිදු නොකරන බවට නිවේදනයක්

Mohamed Dilsad

බාහිර පාර්ශ්වයන් පාර්ලිමේන්තු කාර්යය මණ්ඩලයට බඳවා ගැනීමේ ආණ්ඩුවේ උත්සාහයට – පාර්ලිමේන්තු ඉහළ නිලධාරීන්ගෙන් දැඩි විරෝධයක්

Editor O

Leave a Comment