Trending Newsඑසැන පුවත්දේශීය

විභාගයක ප්‍රශ්නපත්‍රයක් පිටවේ

උතුරු මැද පළාතේ 11 ශ්‍රේණිය වාර විභාගයට අදාළ සිංහල සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍ය ඔස්සේ පිටවී ඇතැයි තහවුරු වී තිබේ. මේ හේතුවෙන් උතුරු මැද පළාතේ පාසල්වල අද (06) දින පැවැත්වීමට තිබූ අවසන් වාර විභාගය කල්දැමීමට කටයුතු කළ බව උතුරු මැද පළාත් අධ්‍යාපන සහ ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා පැවසීය.

ඒ අනුව අද උදෑසන වනවිට කලාප 8ක කොට්ඨාස 30කට අයත් පාසල් 600කට අධික ප්‍රමාණයක අදාළ ප්‍රශ්න පත්‍රය බෙදාහැරීම නවත්වා තිබේ. ඊට සමගාමීව විභාගය තාවකාලිකව අත්හිටුවා වෙනත් ප්‍රශ්නපත්‍රයක් ලබාදීමට කටයුතු කරන බව සිරිමෙවන් ධර්මසේන මහතා වැඩිදුරටත් පැවසීය. අනුරාධපුර මුලස්ථාන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදුකර ඇතැයි ද පැවසු ඒ මහතා, අක්‍රමිකතාව සිදුවුයේ කෙසේ ද යන්න සොයා බැලීමට කටයුතු කරන බව ද කියා සිටියේය.

Related posts

தேசிய பூங்காக்களுக்கு பூட்டு

Mohamed Dilsad

නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

Mohamed Dilsad

ඇමෙරිකාවේ සියයට 30 බද්ද අනුව, ඇමරිකාවෙන් භාණ්ඩ මිලදී ගැනීම වැඩි කිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුව සූදානම් වෙයි..?

Editor O

Leave a Comment