Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

වැඩ බැරි දේශපාලකයෝ අපට මාෆියාකාරයෝ කියනවා – ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන

වැඩ බැරි දේශපාලඥයන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ වැරදි අඩුපාඩු වහගන්න තමන් වැනි ස්වොත්සාහයෙන් ගොඩනැගුනු මිනිසුන් එදා සිටම නොයෙකුත් කතා අහගෙන ඇතැයි අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කරයි. තම සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මෙම අදහස් පළ කර තිබේ.

“එදා ඉඳන්ම වැඩ බැරි දේශපාලඥයන්ගෙ සහ රාජ්‍ය නිළධාරීන්ගෙ වැරදි අඩුපාඩු වහගන්න අපි වගේ ස්වෝත්සාහයෙන් ගොඩනැඟුණු මිනිස්සු නොයෙකුත් විදියෙ කතා අහගත්තා. ලෝකෙන්ම ලොකුම වී සයිලෝ ගබඩා පහසුකම තියන වී මෝල රටට දායාද කරලත්, ‘මාෆියාකාරයා’ කියන ලේබල් එක අලවගෙන, රට වෙනුවෙන් වැඩ කරන එකේ තෘප්තිය මම නොඅඩුවම වින්දා.

ඒත්, මම අද වගේම හෙටටත් රට වෙනුවෙන් වැඩ කරනවා. රට වෙනුවෙන් ආයෝජනය කරනවා. මොකද මම සහ මගේ පුත් දිමිත්‍ර ඇතුලු කණ්ඩායමට මේ රටට දෙයක් කරන්න ඕන කියන අවංක උණ තවමත් තියනවා”

ඩඩ්ලි සිරිසේන මහතාගේ සමාජ මාධ්‍ය සටහන පහතින්

Related posts

“පිටරටින් සහල් ගේන්නේ කොමිස් ගැනිමේ අරමුණින්” – නාමල්

Mohamed Dilsad

මෙරට ඉන්ධන පිරවුම්හල් විදෙස් සමාගම් වෙත : කැබිනට් පත්‍රිකාව අද

Mohamed Dilsad

இலங்கை அரசுக்கு ஐரோப்பிய ஒன்றியம் விடுத்துள்ள கூட்டறிக்கை!

Mohamed Dilsad

Leave a Comment