දේශීය

මෙරට ඉන්ධන පිරවුම්හල් විදෙස් සමාගම් වෙත : කැබිනට් පත්‍රිකාව අද

(UTV | කොළඹ) – ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතු ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන සැපයුම විදේශීය සමාගම්වලට ලබාදීමට අදාළ කැබිනට් පත්‍රිකාවක් අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරෙනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා සඳහන් කළේ, මෙහිදී ඉන්ධන නිපදවන රටවල්වල සමාගම්වලට අවස්ථාව ලබාදීමට බලාපොරොත්තු වන බවයි.

එම සමාගම් මාස 06 ක් හෝ වසරක කාලයක් ඔවුන්ගේ මව් සමාගම්වලින් ණය ක්‍රමයකට ඉන්ධන ලබාගෙන සැපයීමෙන් ශ්‍රී ලංකාවට විදේශ මුදල් පිළිබඳව බරක් නොවිය යුතු බවයි ඔහු කියා සිටියේ.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතු ඉන්ධන පිරවුම්හල් 1190 න් එම සමාගම්වලට 200 ක් හෝ ලබාදිය හැකි නම් ඉන්ධන ගැටලූවට විසඳුමක් විය හැකි බව ද ලංකා අයි ඕ සී සමාගම තවත් පිරවුම්හල් 50 ක් පමණ ස්ථාපිත කිරීමට ඉල්ලා ඇති බව ද කාංචන විජේසේකර මහතා සඳහන් කළා.

Related posts

ජනාධිපතිවරණයේදී කිසිදු අපේක්ෂකයෙක්ට සහයෝගය දෙන්නේ නැහැ – හිටපු ජනාධිපති චන්ද්‍රිකා

Editor O

වෙන්ටිලේටර් යන්ත්‍ර නිෂ්පාදනය සඳහා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සහය

Mohamed Dilsad

නත්තල් දිනයේ දේවස්ථාන අවට ආරක්ෂාව තර කරයි.

Editor O

Leave a Comment